Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2023 10:09:01 Hours

මීගමුව වෙරළ උද්‍යානය පිරිසිදු කිරිම සදහා යුද්ධ හමුදා භට පිරිස් සහාය

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මීගමුව වෙරළ තීරය වෙත ගසාගෙන පැමිණි කොටන්, ගස් සහ ගස්වල අතු කපා ඉවත් කරදෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භට පිරිස් සහාය ලබාදෙන ලදී.

මෙහිදී ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ 141 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමාගේ සම්බන්ධීකරණයට අනුව 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් 01 × 15 ක භඨපිරිස් ප්‍රමාණයක් 2023.11.23 වන දින 0930 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල රපෝර්තු කරවා වෙරළ තීරය වෙත ගසාගෙන පැමිණි කොටන්, ගස් මෙන්ම ගස්වල අතු ඉවත් කිරිම සදහා භඨපිරිස් සහයෝගය ලබාදෙන ලදි.