Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:23:43 Hours

බටහිර භටපිරිස් "සුනාමි " පෙරහුරු වැඩසටහනකට සහභාගී වෙති

දකුණු පළාතේ වෙරළ තීරය ආසන්නයේ ඉහළ සුනාමි අවදානමක් ඇති පාසල් කිහිපයක් ආවරණය වන පරිදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අනුග්‍රහය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහභාගිත්වයෙන් සුනාමි අනතුරු පිළිබදව පෙර සුදානම් පෙරහුරු වැඩසටහනක් පවත්වනු ලබයි.

එම වැඩසටහන් වල සමගාමීව 2023 මාර්තු 01 සහ 03 යන දිනයන්හිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිසුන් 1000 ක පමණ පාසල් කාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් අම්බලන්ගොඩ මාදම්පේ වෙරළ තීරයට ඉතා ආසන්නව පිහිටා ඇති මාදම්පාගම කුමාර කාශ්‍යප කනිෂ්ඨ විද්‍යාලයේ සහ මාදම්පා මහා විද්‍යාලයේ පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට අනුව ආරක්ෂක (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ පාබල සේනාංකයේ සිවිල් කටයුතු භාර නිලධාරි ලුතිනන් කර්නල් ජේ.ඊ.එල්. ද සොයිසා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු භටපිරිස් විසින් යටතේ මෙම වැදගත් වැඩමුළුව සඳහා සහභාගී වු අතර, ඒමගින් සුනාමි ආපදා සහන මෙහෙයුම් පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කර ගැනිමට හැකිවිය.

තවද, පසුගිය කාලය තුළ අරක්ෂක සේනා (බටහි වෙත අයත් භට පිරිස් තම බලප්‍රදේශයේ විවිධ ආපදා තත්ත්වයන්හිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව සහන මෙහෙයුම් රැසක් සිදු කරමින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් පවතින බව මෙහිදි පෙන්වා දිය හැක.

මෙම දෙදින වැඩමුළුව සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සූදානම් සැලසුම් අධ්‍යක්ෂ සුනිල් ජයවීර මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ආර්එල්ඩි ලියනගේ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ