Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 12:43:29 Hours

බටහිර භට පිරිස් තවත් උතුම් ව්‍යාපෘතියකට දායක වෙති

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ සහ 143 පාබල බලසේනාවේ ආඥාපතිවරයාගේ මගපෙන්වීම යටතේ 2023 ජුනි 17 වන දින කුරුණෑගල මහ රෝහලේදී පිළිකා රෝගීන් ඇතුළු නේවාසික රෝගීන්ට තැඹිලි පානය ලබා දීමේ උතුම් වැඩසටහනක් සිදු කරන ලදී.

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ඇති 143 වන පාබල බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ යුධ හමුදා සාමාජිකයින් විසින් කුරුණෑගල මහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් මෙම උදාර ව්‍යාපෘතිය සඳහා සක්‍රීයව සහභාගී වූ අතර, ඔවුන් විසින් තැඹිලි 400 ක් පරිත්‍යාග කරන ලදී. එමගින්, රෝගීන්ගේ අවශ්‍යතා ඉතා සැලකිල්ලෙන් සහ අවධානයෙන් යුතුව ඉටු කිරීම සහතික කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය අත්වැල් බැඳගෙන කටයුතු කළහ.

තවද, මෙම ව්‍යාපෘතිය සිවිල් ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා යුද හමුදාවේ කැපවීම ද පෙන්නුම් කරයි.