Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th November 2023 07:03:39 Hours

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලෙහි භාරකාරිත්වය සදහා නවතමයෙන් පත්වූ දිලුපා පීරිස් මහත්මිය එහි සංචාරයක නිරත වෙයි.

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ භාරකාරිත්වය භාර ගැනීමෙන් අනතුරුව දිලූපා පීරිස් මහත්මිය සිය මංගල නිල සංචාරය ලෙස 2023 නොවැම්බර් 07 වැනි දින පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසල වෙත පැමිණ ඇත.

එහිදී දිලූපා පීරිස් මහත්මිය පෙරපාසලෙහි පන්තිකාමර වෙත ගොස් පෙරපාසල් දරුවන් සහ ගුරුවරුන් සමඟ සුහද කතා බහක නිරත වූ අතර, එහිදී පෙර පාසලේ වත්මන් තත්ත්වය, සංවර්ධන ව්‍යාපෘති සහ පෙර පාසලේ ඉදිරි ප්‍රධාන ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

එදින වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් දිලූපා පීරිස් මහත්මිය පෙර පාසල් ළමුන් සඳහා ත්‍යාග බෙදාදීමකට සහභාගී වූවාය.