Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st May 2022 17:57:53 Hours

නික්ම යන ආඥාපතිතුමන් හට ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) භට පිරිස් ආචාර පුද කරති

ආරක්‍ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 මැයි 01 වන දින නික්ම යෑම නිමිත්තෙන් ආසේමු (බටහිර) විශේෂ ප්‍රභුසමිමාන ආචාර මුරයක් හා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.

නික්ම යන ආඥාපති තුමන් හට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යුධ සම්ප්‍රදායන්ට අනුකූලව සමිමාන මුරයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව ආඥාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි හා නිලධාරිණියන් සමග සමූහ ඡායාරූපයකට ද සහභාගී වූහ.පසුව ආඥාපතිතුමා සියලු නිල තේ පානය සඳහා සහභාගී වූ අතර, නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ ද අදහස් හුවමාරු කර ගන්නා ලදී. මෙයට සමගාමිව ආඥාපතිවරයා වෙත සිය ඇගයීම් සංකේතයක් ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සියලුම නිලයන් විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලදී. මෙහිදී ආඥාපති තුමන් විසින් භට පිරිස් අමතා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ලබාදුන් නොමසුරු සහය වෙනුවෙන් ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාව සදහා 14 පාබල සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන් අනුබද්ධ බලඇණියන්ගේ ඒකක අණදෙන නිලධාරිවරුන් හා මෙම ආසේමු රාජකාරි කරනු ලබන මාණ්ඩලික නිලධාරි හා සෙසුනිලයින්ද සහභාගිවිය.