Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th March 2022 12:21:08 Hours

නව 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ 144 පාබල බලසේනාව වෙත පළමු නිල සංචාරය

මේජර් ජෙනරාල් ජී ජී ඒ එස් වික්‍රමසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022 මාර්තු 18 වන දින 144 පාබල බලසේනාව වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

ප්‍රථමයෙන්ම 144 වන පාබල බලසේනා මුලස්ථානය වෙත සේනාංකාධිපති තුමා පැමිණි අතර, ඔහුව සම්ප්‍රදායන්ට අනුකූලව උණුසුම් ලෙස පිළිගත් බලසේනාධිපති තුමා 144 වන පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් හඳුන්වා දීමට කටයුතු කරන ලදි . අනතුරුව, 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ එම් වී කොඩිතුවක්කු විසින් 144 වන පාබල බලසේනාවේ රාජකාරි ස්වාභාවය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සේනාංකාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව කැලණිමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ 2 (සෙවි ) බලඇණිය වෙත සේනාංකාධිපතිතුමන් විසින් සංචාරය කල අතර, 2 (සෙවි ) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් ඔහුව පිළිගත් අතර පසුව සේනාංකාධිපතිතුමන් විසින් සිය සංචාරය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 2 (සෙවි ) බලඇණියේ කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව 144 වන පාබල බලසේනාවේ භට පිරිස් අමතමින් සේනාංකාධිපතිතුමන් තුමන් පවසා සිටියේ වර්ථමානයේ සිදු කරන රාජකාරීන් තමා අගය කරන බවත් ඉදිරියේදී ද තම අමිල සේවය ඉටුකිරීමට ඇපකැප වී කටයුතු කරන ලෙසත්ය.

144 වන පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන සදහා සහභාගි විය.