Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th September 2023 19:07:19 Hours

කොළඹ, කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ ඇසළ පෙරහැර යුද්ධ හමුදා සහය ඇතිව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි.

කොළඹ, කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මෙවර 2023.09.15 වන දින රාත්‍රි යේදි යුද්ධ හමුදා සහය ඇතිව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කිරීම සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි යන ජේ ්‍ය ෂ් ඨ නිලධාරි තුමන් සහභාගී විය.

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් 70 ක් පමණ මෙම පෙරහැර පැවැත්වීම සදහා සහාය විය.