Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd August 2023 18:42:45 Hours

කෑරගල දනව්කන්ද ප්‍රදේශයේ ලැව් ගින්නක් නිවා දැමීම සදහා බටහිර භට පිරිස් සහය

2023 අගෝස්තු 14 වන දින දොම්පේ, කෑරගල, දනව්කන්ද ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 141 වන පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය ලබාදී ඇත.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 141 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම මත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් ඔවුන්ගේ දායකත්වය ලබාදීමට කටයුතු සිදුකර ඇත.