Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd August 2023 18:48:19 Hours

කල්තොට, කෝන්ගහමන්කඩ ප්‍රදේශයේ රාජවක වන රක්ෂිතයේ හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීම 611 බලසේනාවේ භටපිරිස් සමත් වෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනාවේ 8 වන ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් 2023 අගෝස්තු 17 වන දින කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්තොට, කෝන්ගහමංකඩ, රජවක වන රක්ෂිතයේ ශීඝ්‍රයෙන් පැතිර යමින් පැවති ලැව්ගින්නක් මැඩපැවැත්වීම සමත්වී ඇත.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ උපදෙස් පරිදි 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම මත 8 වන බලඇණි ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගින්න මැඩපැවැත්වීම සඳහා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වීම සදහා සහය ලබාදී ඇත.