Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th August 2023 15:11:55 Hours

කඳාන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් නිවා දැමීමට බටහිර භට පිරිස් සහාය වෙති

කඳාන ග්ලෝබල් කෙයාර් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගමෙහි කර්මාන්ත ශාලාවේ 2023 අගෝස්තු 08 වන දින අලුයම ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න පාලනය කිරීම සදහා යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් අනුව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ මගපෙන්වීම යටතේ 141 පාබල බලසේනාවේ, 2 (සෙව්) ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් වහාම ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමඟ යුද හමුදා සාමාජිකයින් 70 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගින්න නිවා දැමීමට වෙහෙස නොබලා කටයුතු කළහ. ඔවුන්ගේ ඒකාබද්ධ උත්සාහය සහ කැපවීම නිසා ගින්න පාලනය කිරීමට හැකි වූ අතර, එමගින් කර්මාන්ත ශාලාවට සහ ඒ අවට ප්‍රදේශවලට සිදු වූ හානිය වළක්වා ගැනීමට හැකි විය.

ගිනි නිවීමේ රාජකාරිවලට අමතරව, අසල පිහිටි ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුන් ඉවත් කිරීමට ද භට පිරිස් සහාය වූහ. කර්මාන්ත ශාලාවෙහි ගින්නෙන් පිටවන දුමාරය පාසලට බලපා ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට භට පිරිස් සහාය වූහ.

ගින්න පාලනය කිරීම සහ විපතට පත් අයවළුන් හට උපකාර කිරීම යන දෙඅංශයෙන්ම භට පිරිස් විසින් කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රතිචාර දැක්වීම තුළින් ප්‍රජාවට සේවය කිරීමට ඔවුන්ගේ කැපවීම සහ උත්සාහය ඉස්මතු වූ අවස්ථාවක් ලෙස මෙම ක්‍රියාව පෙන්නුම් කරයි.