Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th March 2022 15:41:47 Hours

ආසේමු (බටහිර) භට පිරිස් තවත් පැතිරෙන ලැව්ගින්නක් නිවා දැමීමට සහාය වෙති

2022.03.27 දින කුරැණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ දාගම ප්‍රාථමික විද්‍යාලය අසල කන්දක ඇති වු ගින්නක් මැඩපැවැත්විම සදහා 2022.03.28 දින උදැසන 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 ශ්‍රිලංජාආබමු භටපිරිස් මේ සදහා සහභාගි වුහ.

මේ සදහා පොල්පිතිගම පොලිසියේ ඉල්ලිමකට අනුව 1 ශ්‍රිලංජාආබමු ඒකකයට අයත් සෙනින් 01×10 කුද , නාවික හමුදාවේ සහ වනජීවී දෙපාර්තමේන්තු සාමාජිකයින් මෙන්ම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේද සහය ඇතිව තත්ත්වය පාලනය කිරීමට කටයුතු ආරම්භ කල අතර, වන රක්ෂිතයට වැඩි හානියක් විමට ප්‍රථම ලැව්ගිනි සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත.

ගින්නෙන් වන රක්ෂිතයේ අක්කර දහයකට පමණ හානි සිදුවී ඇත.