Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd March 2022 13:16:50 Hours

ආසේමු (බටහිර) ආඥාපතිතුමන් 61 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරය කරයි

ආසේමු (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩියු යන ජේ්‍යෂ්ඨ නිලධාරි විසින් 2022/02/11 වන දින 61 පාබල සේනාංකය වෙත සුහද සංචාරයක නිරත විය. මෙහිදි 613 පාබල බලසේනාව, 3 සහ ගැමුණු හේවා බලඇණි 14 ස්වේච්ඡා බලඇණි වෙත සංචාරය කරන ලදි.

මෙම සංචාරයේදි බටහිර ආරක්ෂකසේනා ආඥාපතිතුමන් විසින් ප්‍රථමයෙන්ම 61 වන පාබල සේනාංකය වෙත පලමුව සංචාරය කල අතර 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිබිඑස්එන් බෝතොට ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩියු විසින් ඔහුව යුධ හමුදා සමිප්‍රධානුකූලව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එහිදි සේනාංකාධිපතිතුමන් විසින් 61 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් හඳුන්වා දුන් අතර, 61 වන පාබල සේනාංකාධිපතිතුමන් සහ ඔහුගේ මාණ්ඩලික නිලධාරීන් විසින් අදාළ බළප්‍රදේශය පිළිබඳව දැනුවත් කිරිමෙන් පසු තම සංචාරය සනිටුහන් කරමින් ආඥාපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. තවද, ආඥාපතිතුමන් ඇතුලු සියලු නිලයන් තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ අතර, 61 වන පාබල සේනාංක පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතේ (’Visitors Book’) ප්‍රශංසනීය සටහනක් තැබීමට ඔහු අමතක නොකළේය.

මෙම සංචාරයේදි ආඥාපතිතුමන් 61 පාබල සේමු යටතේ පාලනයවන 613 පාබල බලසේනාව, 3 (v) ගැමුණු හේවා බලඇණිය හා 14 (v) ගැමුණු හේවා බලඇණිය වෙත සංචාරය කල අතර, එහිදි 613 පාබල බසේමු බලසේනාධිපති හා ඒකක අණ දෙන නිළධාරි විසින් යුධ හමුදා සමිප්‍රධානුකූලව ආඥාපතිතුමන් පිළිගන්නා ලදි. අනතුරුව 613 පාබල බලසේනා බළසේනාධිපති හා ඊට අයත් ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් තම රාජකාරි පැවරි ඇති බළප්‍රදේශය පිළිබඳව දැනුවත් කිරිමෙන් පසු භටපිරිස් ඇමතු ආඥාපතිතුමන් වර්ථමානයේ රජය විසින් ආරමිභ කර ඇති කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ රජයේ උත්සහයට සහය දැක්ව්මේදි යුද හමුදාව වෙත පැවරි ඇති වගකිම හා සියලුම නිලයින්ගේ ඉහළම විනය පවත්වා ගැනිම පිලිබද අවධාරණය කළේය.

මෙහිදි මෙම සංචාරය සදහා ආරක්ෂකසේනා ආඥාපතිතුමන් සමග මෙම ආරක්ෂකසේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර් ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී හා බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් ජී ඩී ආර් යූ ගල්හේනගේ යන ජේ්‍යෂ්ඨ නිලධාරින් හා මෙම ආරක්ෂකසේනා මුලස්ථානයේ තවත් ජේ්‍යෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සහභාගි විය.