Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd December 2023 14:15:47 Hours

ආරක්‍ෂකසේනා (බටහිර) යටතේ රාජකාරි නියුතු භට පිරිස් හරවත් දේශණයකට සහභාගී වෙයි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) වෙතින් සංවිධානය කරන ලද බදාදා පුහුණු වැඩසටහනට සමගාමීව 2023 දෙසැම්බර් 20 වන දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු දේශන ශාලාවේදී විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් රොෂාන් මොණරාගල යූඑස්පී ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ දෙශක කණ්ඩායමක් විසින් ඉතා හරවත් දේශන මාලාවක් පැවැත්විය.

මෙම දේශණ මාලාවේදී ආර්ථික ප්‍රශ්න විසඳීම, සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම, මානසික ආතතිය පාලනය කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිටුදැකීම ඇතුළු විවිධ මාතෘකා ඔස්සේ දේශන පැවැත්විණි. පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජනය කරමින් නිලධාරීන් 24 දෙනෙකු සහ සෙසු නිලයින් 180 දෙනෙකු සහභාගී විය.

සහභාගී වූවන් අතර වැඩබලන ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ආර්ඒජේඒන් රණසිංහ ආර්ඒස්පී යුඒස්පී ඒන්ඩිසි, බ්‍රිගේඩියර් (පාලන/භකාස) සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගී විය.