Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 12:34:19 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් හෝමාගම ප්‍රදේශයේ පැවති බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පසුගිය සදුදා (ජූලි මස 03) දින හෝමාගම, මාවතගම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙන ලදී. ‘මාවතගම තරුණ කැළ’ සංවිධානය විසින් ‘K.D Construction Pvt. Ltd’ ප්‍රද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ලබාදුන් බත් දන්සැලෙහි අතුරුපස ලෙස අයිස්ක්‍රීම් දන්සලක්ද පවත්වනු ලැබීය.

බෞද්ධ ජනතාවගේ වැදගත් සිදුවීම් කිහිපයක් සිහිපත් කරන ‘ඇසළ පොහොය’ දිනයේදී පැවැත්වූ මෙම බත් දන්සැල සඳහා ප්‍රදේශයේ 10,000 පමණ ජනතාවක් සහභාගී වූහ. ආරක්‍ෂක සේනා ආඥාපති- බටහිර ගේ උපදෙස් මත මෙම බත් දන්සැල සඳහා භටපිරිස්හි සහයෝගය ලබාදෙන ලදී.