Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2025 09:38:02 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - (බටහිර) ආඥාපතිගේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ආඥාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචි එම්. නිලූෂා කුමාරි මෙනෙවිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවස 2025 ජනවාරි මස 22 දින නිල වශයෙන් භාරදීම සිදුකරනු ලැබීය.

14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,දේශීය පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය හා අමුද්‍රව්‍යමය දායකත්වයේන් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

උත්සවය අතරතුරදී, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ආඥාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ප්‍රතිලාභී පවුල වෙත සිය සුබපැතුම් එක්කරමින් නව නිවසේ යතුරු භාරදෙනු ලැබූ අතර, නිවස සාර්ථකව ඉදිකර අවසන් කිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් අයවළුන් සහ ශ්‍රමදායකත්වය ලබාදුන් භටපිරිස්හි කැපවීම අගය කළේය.

මෙම උත්සව අවස්ථාවට 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රමානි තුමන් සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ අණදෙන නිලධාරිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් (සහකාර රජයේ නියෝජිත) පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.