09th September 2024 11:46:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, ගේ උපදෙස් පරිදි සුභසාධන අධ්යක්ෂ මණ්ඩලය විසින් 2024 අගෝස්තු 28 වන දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු දේශන ශාලාවේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මේහිදි සුභසාධක අධ්යක්ෂ මණ්ඩලය විසින් සපයනු ලබන පහසුකම්, යුද හමුදා සාමාජිකයින්ගේ දරුවන් 1 ශ්‍රේණියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය, සාමාජික තොරතුරු, ණය ක්‍රමවේද, සුව සහන රක්ෂණ යෝජනා ක්‍රමය ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්ට ලබා ගත හැකි විවිධ සුබසාධන ප්රතිලාභ මෙම වැඩසටහන මගින් ආවරණය කරන ලදී.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එම්කේඑස් මොරවක, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් කේඩීඑස්ඩී පෙරේරා සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් එස්ඩීඑස්ඒ ප්‍රනාන්දු විසින් දේශන පවත්වන ලදී. මෙම දේශණය සදහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 70 දෙනෙකු සහභාගී විය.