Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 17:26:20 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් බුදුගල වනාන්තර ප්‍රදේශයේ ලැව් ගින්නක් පාලනය කරයි

2023 අගෝස්තු 6 වන දින, බුදුගල වනාන්තර ප්‍රදේශයෙන් ලැව්ගින්නක් හටගත් අතර, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ උපදෙස් පරිදි කල්තොට ප්‍රාදේශීය ලේකම් තුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව 611 පාබල බලසේනාවේ යටතේ පාලනය වන 8 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් වෙතින් වහා එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදී.

ඒ අතර, ඔවුන්ගේ කැපවිම නිසා ගින්න තවදුරටත් වනාන්තරයේ සෙසු ප්‍රදේශවලට පැතිරීම වැළැක්විය.

මේ අනුව, 611 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මගපෙන්විම මත 8 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී විසින් මෙම ක්‍රියාන්විතය සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කරනු ලැබේ.