Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:24:17 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ පිහිටි සුළු සේවක වැඩවර්ජිත රෝහල් සදහා භටපිරිස් සහය

රෝහල්වල සුළු සේවකයින්ගේ වැඩවර්ජනයක් හේතුවෙන් රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත ආරක්‍ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ රෝහල් සදහා 2023 මාර්තු 08 වන දින අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 සහ 61 පාබල සේනාංකවලට අයත් භට පිරිස් සහය ලබාදි ඇත.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 14 සහ 61 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වරුන් සහ සේනාංක යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපති වරුන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ භටපිරිස් තම සහය ලබාදි ඇත.

ඒ අනුව 14 පාබල සේනාංකය වෙත අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්, 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 144 පාබල බලසේනාවට අයත් 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් රෝහල් සුළු කාර්ය මණ්ඩලයේ නොපැමිණීම හේතුවෙන් ජාතික රෝහල - කොළඹ, ශික්ෂණ රෝහල - කුරුණෑගල සහ මුල්ලේරියාව මානසික රෝහලවල දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා සහය විය.

තවද, 61 පාබල සේනාංකයට අයත් 611 බලසේනාව යටතේ යටතේ ස්ථාපිත 8 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් බලංගොඩ මූලික රෝහල, ඇහැළියගොඩ මූලික රෝහල සහ කල්තොට රෝහලේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා සහය වි ඇත.

මෙම භටපිරිස්හි කාර්යන් අදාළ බලඇණිවල අණදෙන නිළධාරීන් විසින් අධික්‍ෂණය කරන ලදි.