Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th November 2022 14:25:31 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) 10 වැනි සංවත්සරය සමරයි

2012 නොවැම්බර් මස 15 වන දින ආරම්භ කර ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) මේ වන විට බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණ යන පළාත් 4ක් සහ දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි තම රාජකාරි මේ වන විට ඉටුකරනු ලබයි.

2022 නොවැම්බර් මස 15 වන දින තම 10 වන සංවත්සරය ආසේමු (බටහිර) යටතේ පාලනය වන 14 වන සහ 61 වන සේනාංක සහ ආසේමු (බටහිර) මුලස්ථාන භට පිරිස් යුද්ධ හමුදා සම්ප්‍රාදානුකූලව පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආසේමු (බටහිර) ආඥාපති සහභාගි වු අතර, ඔහුව බ්‍රිගේඩියර් පාලන/භකාස සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව සම්මාන මුරයක් ලබාදෙමින් පිළිගැනීමට කටයුතු කරහ.

ඉන් අනතුරුව ආඥාපතිතුමා 10 වන සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) ප්‍රධාන ගොඩනැගිල්ල සංකීර්ණය ඉදිරිපිට පැළයක් රෝපණය කළේය.පසුව ආඥාපතිතුමා සහ අනෙකුත් සහභාගිවුවන් සමුහ ජායාරූපයකට පෙනි සිටිමට කටයුතු කළහ.

දවසේ වැඩසටහන අවසන් කරමින් ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් විසින් ආඥාපතිතුමා සමග ඒක්ව සියලු දිවා භෝජන සංග්‍රහයකට සහභාගීවිය. භෝජන සංග්‍රහයෙන් අනතුරුව ආඥාපතිතුමා විසින් සියලු නිල ඇමතීමට කටයුතු කළේය.

මෙම සංවත්සර අවස්ථාව සදහා 61 සහ 14 පාබල සේනාංක දෙකෙහිම සාමාන්‍ය නිලධාරී අණදෙන නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගී විය.