Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th May 2022 15:50:20 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ආඥාපතිතුමන්ගේ පලමුවන නිල සංචාරය

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මෙිජර් ජෙනරාල් ඩිඑමිකේඩිබි පුස්සැල්ල ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රාජකාරි වැඩභාර ගැනීමෙන් පසු පලමු සංචාරය ලෙස 2022.05.09 වන දින 14 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදි ආඥාපතිතුමන් 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ජි ජි ඒ ඒස් වික්‍රමසේන ආර්ඩබිලිවිපි ආර්ඒස්පි යුඒස්පි පිඒස්සි ඒචිඩීඒම්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද්ධ හමුදා ‌ගෞරව සහිතව පිලිගනු ලැබීය. පසුව 14 බලසේනාධිපතිවරුන් 14 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන මාණ්ඩලික නිලධාරිවරුන් සහ පැමිණ සිටි අනෙකුත් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සේනාංකාධිපතිතුමන් විසින් 14 පාබල සේනාංකයට අයත් බලප්‍රදේශයන් පිලිබදව සවිස්ථාරත්මක දැනුවත් කිරිමේ විස්තරයක් ආඥාපතිතුමන් හට ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව ආඥාපතිතුමන් විසින් 14 පාබල සේනාංකය යටතේ පාලනය වන වේයන්ගොඩ පිහිටි 141 පාබල බලසේනා මුලස්ථානය වෙත සංචාරය කරන ලද අතර ඒහිදී 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒස් පි ජි ගමගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් පිලිගැනීමෙන් පසු ආඥාපතිතුමන් විසින් භටපිරිස් අමතමින් පැහැදිලි කරනු ලැබුවේ යුද්ධ හමුදාව තුල විනය පවත්වා ගැනීම සදහා තමන්ගේ සේවය ඉදිරියේහිද නොපිරිහෙලා ඉටු කිරිමට කටයුතු කරන ලෙසය. ඒමෙන්න තමන් යටතේ සිටින භටපිරිස් සිදුකරන සේවාව ඇගයීමට කටයුතු කරන ලදී. භටපිරිස් ඇමතිමෙන් අනතුරුව ආඥාපතිතුමන් විසින් 141 බලසේනාවේ කදවුරු සංචාරයක් කල අතර ඒතුමන් විසින් ඒම සංචාරය සිහිවුනුවස් 141 බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කරන ලදී. මෙහිදි 141 පාබල බලසේනාවේ බලසේනාධිපති හා බලසේනාවට අයත් ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් ඔවුන්ට අයත් බලප්‍රදේශයන්හි ස්වකීය රාජකාරි පිලබද සවිස්ථාරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන්නට විය.

මෙම සංචාරය සදහා මෙම ආසේමු හි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ ඩබිලිව් ඒස් පෙරේරා ආර්ඩබිලිව්පි, බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් ජි ඩි ආර් යු ගල්හේනගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරි කිහිපදෙනෙකු ආඥාපතිතුමන් සමග මෙම සංචාරය සදහා සහභාගි වුහ‍‍.