Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th May 2022 12:55:10 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ආඥාපතිතුමන් සුභ මොහොතින් වැඩ අරඹයි

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ආඥාපති ලෙස පත් වු මෙිජර් ජෙනරාල් ඩිඑමිකේඩිබි පුස්සැල්ල ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022.05.04 දින සිය තනතුරෙහි සුභ මොහෝතින් වැඩ ආරම්භ කරන ලදි.

ප්‍රථමයෙන් නව ආඥාපතිතුමන් හට කදවුරු මුරයක් හා කදවුරු සම්මාන මුරයක් විජයබා පාබල රෙජිමෙින්තුව වෙතින් ලබා දෙන ලද අතර, වැඩමකොට වදාල ගෞරවණිය සංඝරත්නයේ පිරිත් සඣ්ජායනය මධ්‍යයෙහි නව තනතුරෙහි වැඩ ආරමිභ කරන ලදි. ඉන් අනතුරුව සමුහ ජායාරුපයකට සහභාගි වු නව ආඥාපතිතුමන් වැඩ ඇරඹිම සංකේතවත් කරමින් කදවුරු භුමියේ අඔ පැලයක්ද රෝපණය කළේය. ඉන්පසුව සියලු නිලයන් අමතමින් ආඥාපතිතුමන් කියා සිටියේ එක්ව සුහදව රාජකාරි කලයුතු බවත් යුද්ධ හමුදාවට කැලලක් නොවන පරිදි විනයානුකුලව තම රාජකාරි කටයුතු කරන ලෙසය. තවද උත්සවයෙහි අවසානය සනිටුහන් කරමින් ආඥාපති තුමන් විසින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකටද සහභාගි විය.

මෙම උත්සව වැඩසටහන් මාලාව සදහා 14 පාබල සේනාංකාධිපති, 61 පාබල සේනාංකාධිපති හා යුද්ධ හමුදා ජනපදය තුල ස්ථාපිත අධ්‍යක්ෂක මණ්ඩලයන්හි අධ්‍යක්ෂකවරුන්, මෙම ආසේමු යටතේ පාලනය වන බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජනපදය තුල ස්ථාපිත රෙජිමෙින්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, අනුබද්ධ ඒකකයන්හි අණදෙන නිලධාරිවරුන් මෙන්ම මෙම ආසේමුහි රාජකාරි කරනු ලබන මාණ්ඩලික නිලධාරින්/නිලධාරිණියන් සහ සෙසුනිළයින් සහභාගිවිය.