Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

15th June 2022 19:02:14 Hours

ආරක්ෂක සේනා (බටහිර ) වෙතින් විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් පවත්වයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සහ යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) මෙහයවිමෙන් 2022.06.15 දින සිට 2022.06.21 දින දක්වා කොළඔ, ගමිපහ සහ කලුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සෞඛ්‍ය පරික්ෂකවරුන්,පොලිස් නිලධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායමි මගින් සංවිධානය කරන ලද විශේෂ මදුරු මර්ධන වැඩසටහන දියත් කරන ලදි.

මේ සදහා 14 පාබල සේනාංකයේ භට පිරිස් මෙන්ම 61 පාබල සේනාංකයේ භට පිරිස් 100ක පමණ ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 16 ක් ආවර්ණය වන පරිදි නිවාස, පොදු ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන පරික්ෂාවට ලක්කර මදුරු මර්ධනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග හා උපදෙස් ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදිමට කටයුතු කලේය.