Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

23rd February 2022 16:30:03 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙතින් බූස්ටර් එන්නත් මාත්‍රාව සිවිල් ජනතාව වෙත ලබා දිමේ ජංගම එන්නත්කරණ වැඩසටහන සාර්ථක ලෙස මෙහෙයවයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් ගේ උපදෙස් පරිදි COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ රජයේ උත්සාහය ශක්තිමත් කරමින් තවත් විශේෂ ජංගම එන්නත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය යටතේ 2022 පෙබරවාරි මස 1 වන දින ආරම්භ කරන ලදී.

එහිදී කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම ජංගම එන්නත් වැඩසටහන සඳහා අවශ්‍ය සියලු කටයුතු ආරක්ෂක සේනා මූලස්ථානය(බටහිර) යටතේ පාලනය වන සේනාංක, බලසේනා සහ බලඇණි මගින් සිදුකරනු ලබන අතර, මෙවැනි කොවිඩ් වසංගත තත්ත්වය තුළ සිවිල් ජනතාව හට ඉහළ මට්ටමේ සේවාවක් සිදුකිරීම සඳහා ආරක්ෂක සේනා බටහිර භටපිරිස් සිය සාමූහිකව උත්සාහය හා කැපවීම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා යොදවා ඇත. ඊට අමතරව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බළකා මුලික රෝහල - පනාගොඩ වෙතින්ද තම උපරිම දායකත්වය ලබාදෙනු ලබයි.

එපමණක් නොව, මෙම විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහන මගින් සිවිල් ජනතාව වෙත ෆයිසර් එන්නත් බූස්ටර් මාත්‍රා 82000ක් පමණ ලබා දී ඇති අතර, මෙම උදාර කර්තව්‍ය රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පවත්වනු ලබයි. එමෙන්ම COVID-19 වසංගතයට එරෙහි සටනේදී යුධ හමුදාව වෙතින් සිදු කරන මෙම කාර්යභාරය පිලිබඳ මහජනතාවගේ පැසසුමට ලක්ව ඇත. තවද, මෙම එන්නත්කරණ වැඩසටහන COVID-19 වෛරසය වැලැක්වීමේ ක්‍රමෝපායන්ට අනුකූලව සිදු කෙරේ.