Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd January 2023 16:21:43 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව තවත් උදාර මෙහෙවරක් සිදුකරනු ලබයි.

මුලතිව් මානුෂීය මෙහෙයුමේදී තම ජිවිත පරිත්‍යාග කළ 14 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ 14 බලඇණිය විසින් 2022 දෙසැම්බර් 26 වන දින මාලිගාකන්ද ලෝරිස් ළමා නිවාසයේදි වැඩසටහනක් සංවිධානය කරන ලදි.

භට පිරිස් විසින් ළමා නිවාසයේ නේවාසික ළමුන් 23 දෙනෙකු සඳහා දිවා ආහාරයක් පිරිනමන ලද අතර රු. 15000 ක් වටිනා භාණෟඩ පරිත්‍යාගයක් සදහා නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් අනුග්‍රහය දක්වනු ලැබිය. 14 වන බලඇණි විජයබාහු පාබල රෙජිමේන්තු කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීතමය වැඩසටහනක් මගින් අවසානය සනිටුවහන් කරනු ලැබිය.

මෙම වැටසටහන සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ‌ජෙනරල්ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ 14 වන බලඇණි විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් පී ඒ ටී නිරෝෂන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන 14 වන බලඇණි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගිත්වයෙන් සිදුකරනු ලැබිය.