Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

15th June 2022 18:15:35 Hours

ආරක්ෂක සේනා (බටහිර) විසින් පොසොන් උත්සවයට සමගාමිව පුණ්‍ය වැඩසටහනක් පවත්වයි

පොසොන් පුර පසළොස්වක පොහොයට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාව අයත් 6 කාලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පනාගොඩ සහ හබරකඩ ප්‍රදේශය අවට වෙසෙන සාමාන්‍ය ජනතාව වෙත කොස් පර්සල් බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදී.

තවද, එදින සවස් වරුවේ එම වැඩසටහනට සමගාමීව 6 කාලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටින සාමාන්‍ය ජනතාවට පිසූ ආහාර (කොස්) පිරිනමන ලදී.

මේ සදහා 141 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ මඟපෙන්වීම හා උපදෙස් මත සහ 6 කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී තුමාගේ පුර්ණ අධීක්ෂණය මත මෙම වැඩසටහන පවත්වන ලදී.