Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th June 2022 16:14:17 Hours

ආරක්ෂක සේනා (බටහිර) විසින් ආරක්ෂක සම්බන්ධිකරණ සාකඡාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වන මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සම්බන්ධීකරණ සාකාඡාවක් 2022 ජූනි 22 දින පවත්වන ලද අතර , මේ සදහා ශ්‍රි ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සේනාංකාධිපතිවරුන් මෙන්ම බළසේනාධිපතිවරුන් ද සහභාගිවිය.

මෙහිදි මෙම ආසේමු වෙත අයත් බලප්‍රදේශය තුල භටපිරිස් ස්ථානගත කිරිම, වර්තමාන ආරක්ෂක තත්ත්වය, හදිසි අවස්ථා සඳහා හමුදාව සහ පොලිසිය යෙදවීම, හදිසි අවස්ථා යටතේ ඇඳිරි නීතිය සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම වැනි වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, මෙම ආරක්ෂක සම්බන්ධිකරණ සාකච්ඡාව සදහා සහභාගිවු පොලිස් අධිකරිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කිරීමට අමතරව සිවිල් වැසියන්ට සහ වෙනත් ඕනෑම කරුණක් සඳහා ආධාර සැපයීම සඳහා හමුදාව සහ පොලිසිය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් සදහා සම්බන්ධවිම පිළිබදව සාකච්ඡා කරන ලදි.

මෙම ආරක්ෂක සම්බන්ධිකරණ සාකච්ඡාව සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) මාණ්ඩලික නිලධාරින් කිහිප දෙනෙකු ද සහභාගි විය.