Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th October 2022 14:37:15 Hours

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 සහ 61 පාබල සේනාංකයන් විසින් ලෝක ළමා දිනයට සමගාමිව විවිධ වු වැඩසටහන් රාශියක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 සහ 61 පාබල සේනාංකවල භට පිරිස් ලෝක ළමා දිනය 2022 සමගාමීව තම පාබල සේනාංකයන් යටතේ ස්ථාපීත පාබල බළසේනාවන් සහ ඒකක විවිධ වු උත්සව/ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

ඒ අනුව, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් පී ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වේයන්ගොඩ නිකටිකන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමුන් සදහා සිදුකරන ලද අතර, එහි මුල්‍ය වටිනාකම රු. 343,000.00 පමණ වේ. මීට අමතරව, එම පාසල් සිසුන් සහ ගුරු මණ්ඩලය සඳහා කෙටි ආහාර වේලක් සහ දිවා ආහාරය ද භට පිරිස් විසින් ලබාදීමට කටයුතු කර ඇත. මේ සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, ප්‍රාදේශීය ලේකම් - අත්තනගල්ල, සහකාර පොලිස් අධිකාරී - අත්තනගල්ල, රාජ්‍ය නිලධාරීන් සහ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එමෙන්ම 2022 ඔක්තෝබර් 01 වන දින, දම්ඹුව, බුත්පිටියේ පිහිටි පීටර් වීරසේකර ළමා නිවාසයේ දී කොට්ඨාශමුල (15) හි භට පිරිස් විසින් එම ළමා නිවාසය පිරිසිදු කිරිමට සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් පවත්වන ලදී. එහිදි බුදු මැදුරේ තීන්ත ආලේප කිරීම, ළමා නිවාසය අවට පිරිසිදු කිරීම සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භට පිරිස් දායක විය. තවද, භට පිරිස් විසින් ළමුන්ගේ මානසික සුවතාවය වැඩිදියුණු කිරීම සඳහා සෙල්ලම් බඩු බෙදාදීම, කෙටි වේලක් සහ දිවා ආහාරයද ලබාදුන් අතර, 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි මෙම උදාර කර්තව්‍ය සඳහා සියලු කටයුතු සංවිධානය කරන ලදී.

එදිනම 141 බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණියේ භට පිරිස් විසින් ලෝක ළමා දිනය සැමරීමේ උත්සවයක් කෑරගල සංඝරාජ විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී. මෙම උත්සවයේදී ළමුන් 106 දෙනෙකු සඳහා රුපියල් 19,2000.00 ක් වටිනා පාසල් උපකරණ ප්‍රදානය කරන ලද අතර, භට පිරිස් විසින් ළමුන් සඳහා කෙටි ආහාර වේලක් සහ ප්‍රණිත දිවා ආහාරයද ලබාදෙන ලදී. 141 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

2022 ලෝක ළමා දිනයට සමගාමීව 144 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් ද 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වි කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 2022 ඔක්තෝබර් 01 වන දින රාජගිරිය ගැලවීමේ හමුදා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන දන්ත ශල්‍ය වෛද්‍ය සායනයක් සහ සංගීත වැඩසටහනකින් සමන්විත වු අතර, ත්‍යාග බෙදා දිම සහ දිවා ආහාරයෙන් පසුව මෙම වැඩසටහන නිමාවිය.

14 පාබල සේනාංකය මෙන්ම 61 වන පාබල සේනාංකය විසින්ද 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එන් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 61 වන පාබල සේනාංක බළප්‍රෙද්ශයේ ලෝක ළමා දිනයට සමගාමීව වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.

ඒ අනුව, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ එම මැතිණිය වන උදේනි ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ලෝක ළමා දිනය සැමරීමේ උත්සවයක් 2022 සැප්තැම්බර් මස 30 වන දින ගාල්ල - විරු කැකුළු පෙර පාසලේදී පවත්වන ලදී. මෙම වැඩසටහනේදී පෙර පාසල් දරුවන් විසින් විවිධ වු ක්‍රියාකාරකම් රාශියක් ඉදිරිපත් කරන ලදී.මෙම අවස්ථාවට සහභාගී වු සේනාංකාධිපති සහ එම මැතිණිය සුරතින් දරුවන් සදහා රු. 400.00 වටිනාකමකින් යුත් පොත් කට්ටලයක් සහ තිළිණද ප්‍රධානය කරන ලදී. මිට අමතරව, තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ Tan Ngak Buay & Kee Meng Lang පදනමේ මුල්‍ය දායකත්වයෙන් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් ලෝක ළමා දිනයට සමගාමීව 2022 සැප්තැම්බර් 30 දින ගාල්ල ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් සදහා වටිනාකම රු. 2000.00 යුත් වියළි සලාක ඇසුරුම් 50 ක් බෙදාදුන් අතර, භට පිරිස් විසින් පාසල් සිසුන් සඳහා දිවා ආහාරය ද ලබාදීමට කටයුතු කලහ.

2022 සැප්තැම්බර් 30 වන දින 613 පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් කැකනදුර පිහිටි ‘ඔබ මා ළමා නිවාසයේ’ ළමුන් 13 දෙනෙකු සදහා දිවා ආහාරය ත්‍යාග මෙන්ම සංගීතමය වැඩසටහනක් ද සංවිධානය කර ඇත.

මේ අතර, ලෝක ළමා දිනයට සමගාමීව, 12 වන ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2022 සැප්තැම්බර් 30 වන දින 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මීගහතැන්න - හල්වල්කැලේ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ළමුන් 38 දෙනෙකු සදහා, දිවා ආහාරය සහ ත්‍යාග බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන 12 වන ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී සහ භට පිරිස් විසින් සංවිධානය කරන ලදී. මීට අමතරව, එම රෙජිමේන්තුව විසින් 2022 ඔක්තෝබර් 01 වන දින බේරුවල දොන් බොස්කෝ ළමා නිවාසයේ තවත් පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, ළමා නිවාසයේ පදිංචි ළමුන් 45 දෙනෙකු සඳහා විනෝදාත්මක සංගීත වැඩසටහන්, දිවා ආහාරය සහ ත්‍යාග බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

එමෙන්ම, 611 පාබල බලසේනාව යටතේ පාලනය වන 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා 2022 ඔක්තෝබර් මස 01 වන දින කෑගල්ල ශාන්ත ජෝශප් ළමා නිවාසයේ දී තවත් වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදි තේ පැන් සංග්‍රහයක්, කෙටි ආහාර වේලක් ලබාදුන් අතර, වැඩසටහනේ අවසානය සනිටුහන් කිරීම සඳහා ළමුන් සදහා දිවා ආහාරය ද ලබා දෙන්නට විය.

තවද, ලෝක ළමා දිනයට සමගාමීව 2022 ඔක්තෝබර් 01 වන දින රත්නපුර ගැටන්ගම ළමා නිවාසයේ දී 611 පාබල බලසේනාව යටතේ පාලනය වන 8 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් ළමුන් සඳහා විවිධ වැඩසටහන් සමගින් දිවා භෝජන සංග්‍රහයක් මෙන්ම ත්‍යාග බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන සඳහා නිලධාරීන්, සෙසු නිලයින් සහ ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය සහභාගී විය.

මෙම සියලු වැඩසටහන් ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි සිදු කරන ලද අතර, ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන පාබල සේනාංක, පාබල බලසේනාවන් සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයින් විසින් ලෝක ළමා දිනයට සමගාමිව පවත්වන ලද උත්සව/ වැඩසටහන් සාර්ථකව පැවැත්විම සදහා තම උපරිම දායකත්වය ලබාදිමට කටයුතු කරන ලදි.