Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th April 2022 14:59:18 Hours

ආරක්ෂක සේනා (බටහිර) මගින් විශේෂිත වැඩමුලුවක් සංව්ධානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ යහසාධක අරමුදලේ කාර්යභාරය සහ ප්‍රතිලාභ පිළිබදව දැනුවත් කිරිමෙි වැඩමුලුවක් ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සංවිධානාත්වයෙන් රෙම ශ්‍රිලයුපොදුසේබ දේශණ ශාලාවේදි 2022.04.05 දින පවත්වන ලදි.

එහිදි යහසාධක අරමුදලේ කාර්යභාරය සහ ප්‍රතිලාභ පිළිබදව විෂයභාර නිලධාරින්/ ලිපිකරුවන් දැනුවත් කරන ලද අතර, යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 ලුතිනන් කර්නල් ආර්එම් බාලසුරිය යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෙහෙයවිම මත මෙම ආසේමු යටතේ පාලනය වන පාබල සේනාංක,පාබල බසේමු,රෙමයන් හා ඒකකයන්හි නිලධාරි 58 දෙනකු සහ සෙසුනිලයින් 88 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

මෙම වැඩමුළුව කොරෝනා - 19 වෛරසයට එරෙහි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලදි.