Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th September 2022 17:59:58 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් වෙතින් තවත් ප්‍රජා සත්කාරයක්

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩිඒම්කේඩිබි පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් පුත්තලම මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මයිලන්කුලම කණිෂ්ඨ විද්‍යාලයේ සාම්ප්‍රදායික නර්තන කලාව පුහුණුවීම් කරගෙන යාම සඳහා නව පන්ති කාමරයක් ඉදිකර විවෘත කිරීමේ වැඩසටහනක් 2022.09.02 දින පැවැත්විණි.

නව පන්ති කාමරය ඉදිකිරිම සඳහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි 143බලසේනාවේ බලසේනාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ ඉතා කෙටිකාලයක් තුලදී ඉදි කෙරුණි. මේ සදහා මුල්‍යමය දායකත්වය District Interact Council - Colombo ආයතනය විසින් දැක්වූ අතර, පාසලේ දරුවන්ගේ දෙමව්පියන් විසින්ද මෙහි වැඩ නිමකිරීම සඳහා තම දායකත්වය ලබාදෙන ලදී.

මෙම වැඩසටහන සදහා ආඥාපතිතුමන් හා District Interact Council - Colombo ආයතනයේ සභාපති ශාලනි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රදානත්වයෙන් පැවැත්වූ අතර, පාසලේ ගුරුමණ්ඩලය සහ දුදරුවන් විසින් වැඩසටහන ආරම්භයේ ආඥාපති තුමන් සහ සභාපති තුමිය ඉතා උණුසුම්ව පිළිගන්නා ලදී. පසුව, සම්ප්‍රදායිකව ආගමික වතාවත් මධ්‍යයේ ආරාධිත අමුත්තන් නව පන්ති කාමරය විවෘත කළහ. ඉන් අනතුරුව, ආරාධිත අමුත්තන් පාසල විසින් සංවිධානය කර තිබු සම්ප්‍රදායික නර්තන අංග සහ පාසල් සිසුන්ගේ දක්ෂතාවයන් ඇතුලත් වැඩසටහනකටද සහභාගී විය.

මෙහිදී පාසලේ ළමයින්, ගුරුවරුන් සහ පැමිණ සිටින සියළුම අයවලුන් අමතන ලද ආඥාපති තුමන්, පාසලේ නර්තන කලාවේ වැදගත්කම සහ අනෙකුත් ඉගෙනීම් පිලිබඳ පැමිණ සිටි අයවලුන් දැනුවත් කළේය. පසුව, මෙම උතුම් ක්‍රියාව අගය කරමින් පාසල් කාර්ය මණ්ඩලය විසින් ආඥාපතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රධානය කල අතර, ආඥාපතිතුමන් ගුරුවරුන් සහ ළමයින් සමග සුහද පිළිසදරකද නිරත විය. මෙම වැඩසටහනේ නිමාව සනිටුවන් කරමින් ආඥාපතිතුමන් ඇතළු ආරාධිත අමුත්තන්, ගුරුවරුන් පාසලේ ළමයින් මෙන්ම සියළුම අයවලුන් තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය.

මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු 143 පාබල බලසේනාව හා ඒ යටතේ පාලනය වන 16 ගජබා රෙජිමේන්තුව විසින් සිදුකරන ලද අතර, වැඩසටහන සඳහා 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, ආරක්ෂක සේනා (බටහිර) කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරිවරුන්, නිලධාරින්, සෙසුනිලයින් සහභාගි විය.