Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th June 2022 17:22:46 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

144 වන බලසේනාව යටතේ පාලනය වන 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව විසින් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහනක් 2022.06.03 වන දින උදෑසන 9 සිට පස්වරු 4 දක්වා අභිනවාරාම විහාරස්ථාන භුමියේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන 144 බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ එමි වි කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිලධාරි මේජර් ජි එස් එස් ගලගෙදර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ සහ ඒම ඒකකයේ සංවිධානයෙන් මෙම ලේ දන්දිමේ වැඩසටහන ක්‍රියාත්මකවිය.

රුධිරය පරිත්‍යාග කිරිම සදහා යුධ හමදා සෙබලුන් ඇතුලුව සිවිල් අයවලුන් 120 ක පමණ ප්‍රමාණයක් මේ සදහා එක් විය. මෙම රුධිර පරිත්‍යාගයන් රුධිර පාරවිලන්‍ය මධ්‍යස්ථානය - නාරාහේන්පිට වෙත ලබා දුන් අතර, එම මධස්ථානයේ සේවය කරනු ලබන වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය ද මෙම පුණ්‍ය කටයුත්ත සදහා පුර්ණ දායකත්වය ලබාදෙන ලදී. 144 හි බළසේනාධිපති තුමා මෙම වැඩසටහන අතරතුර අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කලේය.