Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th December 2022 19:23:25 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් ගින්නක් මැඩ පැවැත්විම සදහා තම දායකත්වය ලබාදෙයි.

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනා බලප්‍රදේශයට අයත් කෑගල්ල නගරයේ සපත්තු ඇඅලවිසැලක 2022 දෙසැම්බර් මස 27 වන දින ඇතිවු ගින්නක් මැඩපැවැත්විම සදහා 8 වන බළඇණිය සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් විසින් තම දායකත්වය ලබාදි ඇත.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහ 611 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම ගින්න මැඩපැවැත්විම සදහා 8 වන බලඇණිය සිංහ රෙජිමේන්තුවට අයත් නිලධාරියකු ඇතුළුව 35 ක භටපිරිස් ප්‍රමාණයක් මේ සදහා දායක වි ඇති අතර, ගින්න මැඩපැවැත්විම සදහා කෑගල්ල පොලිසිය, මහනුවර සහ කුරුණෑගල ගිනි නිවන ඒකකයන් සහභාගිවි ඇත.