Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:21:26 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් කඩා වැටී තිබු ගසක් ඉවත් කිරිමට සහය වේ

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 61 පාබල සේනාංකය යටතේ පිහිටි 613 පාබල බලසේනාවට අයත් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් 2023 මාර්තු මස 02 වන දින ඇතිවු අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මඩවලමුල්ල ග්‍රාමනිලධාරී වසමේ නිවාස දෙකකට කඩා වැටී තිබූ නුග ගසක් ඉවත් කිරීමට සහය විය.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර්‌ ජෙනරල් ඩී එමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 613 පාබල බලසේනාධිපති තුමන්ගේ මග පෙන්විම යටතේ 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අනදෙණ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලිම මත 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණ ගස කපා ඉවත් කිරිමට තම දායකත්වය ලබාදෙන ලදි.