Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd March 2022 19:19:05 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් දියගම - කෑගල්ල ප්‍රදේශයේ ඇතිවු ගින්නක් නිවා දැමිමට සහය දක්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩියු ගේ උපදෙස් පරිදි 61 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ පුර්ණ අධීක්ෂණය යටතේ 611 පාබල බලසේනාවට අයත් ශ්‍රී‍ ලංකා සිංහ රෙජිමේන්තුවේ 8 වන බලඇණියේ භට පිරිස් 2022 පෙබරවාරි 23 වන බදාදා දින පස්වරුවේ කෑගල්ල, දියගම ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා උපරිම සහය ලබා දුන් අතර, ගින්න මැඩපැවැත්විමට නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 28 දෙනෙකු සහභාගි විය.

තවද මෙම ගිනිගත් ඉඩම එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට අයත් වන අතර මෙම ඉඩමේ මායිමෙන් තවත් කුඩා කොටසක් අස්ගිරි පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේලාට අයත් බව වාර්තා වේ.