Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th December 2022 19:42:45 Hours

ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි පවුල් වෙත කිරිපිටි පැකට් බෙදා දෙයි

පසුගිය දින කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ කිරිපිටි බෙදාදිමේ වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 3520 ක් සඳහා 2022 දෙසැම්බර් 12 වන දින සිට 28 දින දක්වා ස්ථාන කිහිපයකදී කිරිපිටි බෙදාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මේ සදහා 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත එකකයන්හි අණදෙන නිලධාරීන්ගේ සහය ඇතිව සියලුම බෙදාහැරීම් කටයුතු සිදු කරන ලදී.

තවද, මෙම වැඩසටහන හරහා කිරිපිටි පැකට් 7020 බැගින් පවුල් 3520ක් අතර බෙදා දී ඇත.