Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th July 2023 16:45:00 Hours

ආරක්ෂක සේනා (බටහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලික තනතුරෙහි වැඩභාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලික ලෙස බ්‍රිගේඩියර් කේ ටි පි ද සිල්වා ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 ජුලි මස 13 වන දින සුභ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීමේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව පත්වීම් ලද බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලිකතුමන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභ පැතුම් පිරිනැමූහ.