Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:12:56 Hours

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් භටපිරිස් ප්‍රජාසත්කාරක වැඩසටහනකට දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මාර්තු මස 10 වන දින සිට 11 දින දක්වා දිනයන්හි කුරුණෑගල දිසිත්‍රික්කයට අයත් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයයේ පිහිටි ගිරිඋල්ල මැද්දෙපොල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක තීන්ත ආලේප කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දායකත්වය ලබාදි ඇත.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත එම පාසලේ පාසල් බලධාරින්ගේ ඉල්ලිමකට අනුව 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් නිලධාරියෙකු සහ සෙසු නිලයින් හත් දෙනෙකු එම කාර්යය සඳහා යොමුකර ඇත.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි තුමන් විසින් භටපිරිස් දායකත්වය අධික්ෂණය කරන ලද අතර, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය තීන්ත සහ අනෙකුත් ද්‍රව්‍ය කොළඹ සදාහරිත සිංහ සමාජය විසින් ලබාදි ඇත.