Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th November 2022 12:36:26 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන් කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය

1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ බළඇණි පුහුණුව 2022 සැප්තැම්බර් 20 දින සිට ඔක්තෝම්බර් 05 වන දින දක්වා පැවති බලඇණි පුහුණුවේ වැඩසටහන සදහා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022 නොවැම්බර් 04 වන දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය.

ඒම පුහුණු පාසල වෙත පැමිණි ආඥාපතිතුමන් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් පිළිගැනිමෙන් පසු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා එම ස්ථානයට පැමිණි ආඥාපතිතුමා වෙත පාසලේ උපදේශකවරුන් හඳුන්වා දෙන ලද අතර, මේ සදහා 612 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ද සහභාගිවිය.

ඉන් අනතුරුව, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමා විසින් කඳවු‌රේ ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කරන ලද අතර, උපදේශකවරුන්ගේ සහ සිසුන්ගේ සුභසාධනය කටයුතු පිළිබද සහ කඳවුර පවත්වාගෙන යන ආකාරය මෙන්ම ඒහි යටිතල පහසුකම් පුළුල් කරන ආකාරය පිළිබඳව ද ආඥාපතිතුමන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පසුව ආඥාපතිතුමන් සමග සංචාරය සදහා සහභාගිවු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා විසින් මෙහෙයවන ලද බලඇණි පුහුණු පාසලේ කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමකට සහභාගී වූහ. ඉන් අනතුරුව, ආඥාපතිතුමන් උපදේශකවරුන් අමතමින්, විවිධ කාර්යයන් ඉටු කිරීමේදි කුසලතා වර්ධනය කිරීම සඳහා සොල්දාදුවන්ගේ නිපුණතා වර්ධනය කිරීමට මග පාදන උපදේශන ක්‍රමය, උපදේශක ගුණාංග සහ නිරන්තර පුහුණුව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ජාතියේ අනාගත ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා වැදගත් ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කරන ලදි. මෙහිදි කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ උපදේශක මණ්ඩලය වෙනුවෙන් ප්‍රධාන උපදේශක විසින් ආඥාපතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

1 ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් පවත්වන ලද මහජනතාව ඉවත් කිරීමේ ආදර්ශය ආඥාපතිතුමා විසින් නිරීක්ෂණය කරන ලද අතර, පසුව, 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ බලඇණි පුහුණුව අවසන් කරමින් දේශන ශාලාවේදී ඉදිරිපත් කරන ලද අවසන් ඉදිරිපත් කිරීම සහ භට පිරිස් ඇමතීමට ආඥාපතිතුමන් සහභාගිවි ඇත.

මෙම සංචාරය සදහා ආරක්ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද ආඥාපතිතුමන් සමඟ මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.