Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th March 2022 08:59:18 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති විසින් බස්නාහිර පලාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්ෂක සමිබන්ධිකරණ සාකච්ඡාවක් පවත්වයි

ආඥාපති සමුහ මෙහෙයුමි ආඥා මුලස්ථානය (බස්නාහිර පලාත සහ පුත්තලම දිස්ත්‍රික්කය) සහ ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩියු විසින් 2022 මාර්තු 3 වන දින බස්නාහිර පලාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්ෂක සමිබන්ධිකරණය පිළිබද සාකච්ඡාවක් කොට්ඨාස මුල භාර යුද, නාවික සහ ගුවන් හමුදා නිලධාරින් සමග ආරක්‍ෂක සේනා මූලස්ථාන (බටහිර) සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

මෙම සාකච්ඡාවේදී ආඥාපති සමුහ මෙහෙයුමි ආඥා මුලස්ථානය (බස්නාහිර පාලාත සහ පුත්තලමි දිස්ත්‍රික්කය) වශයෙන්, ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) විසින් බලප්‍රදේශයේ ආරක්ෂක සම්බන්ධීකරණ කටයුතුවලට අදාළ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදි. මෙහිදි වර්තමානයේ සමිබන්ධවිමේ නීති, ත්‍රිවිධ හමුදාව,පොලිසිය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය සමග සමිබන්ධිකරණ කටයුතු සිදුකිරිම තුලින් මතුවන පරිපාලන දුෂ්කරතා මගහැර කටයුතු කල යුතු ආකාරය සහ බලප්‍රදේශයේ ආරක්ෂාව සමිබන්ධිකරණය කිරිමේදි භුමි මටිටමේ අණදෙන්නන් වශයෙන් අවධානය යොමුවිය යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡාවට භාජනය විය.

මෙම සාකචිචාව සදහා බ්‍රි‍ගේඩියර් ප්‍රමානි ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර), මෙම ආසේමු බලප්‍රදේශයට අයත් බලසේනාධිපතිවරුන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථාන (බටහිර) රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූ අතර, මෙම සාකචිචාව COVID - 19 වෛරසය වැලැක්විමේ සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවැත්විය.