Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd December 2022 09:58:39 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 01 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස සිය නව ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

කදවුර වෙත පැමිණි නව බලකාධිපති තුමන් වෙත කදවුරු සම්මාන මුරයක් ලබාදෙමින් රෙජිමේන්තුවට අලුතින් පත් වන ලද රෙජිමේන්තු අධිපති තුමන් පිළිගනු ලැබුවේ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, 66 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ජේ ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීපී ජී කේ බාලසුරිය පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ එම් ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින්ය. මෙහිදි අභිමානවත් හමුදා ගෞරව සම්මාන මුරයක් නව රෙජිමේන්තු අධිපති තුමන් පිරිනමන ලදි.

අනතුරුව මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්ප උපහාර දැක්වීය.

පසුව, සිය නව කාර්යාලයේ දී නව බලකාධිපතිතුමන් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් රාජකාරි භාර ගැනීම සංකේතවත් කරමින් ලිපියකට අත්සන් තැබීය.

නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම සංකේතවත් කරමින් මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව භට පිරිස් ඇමතීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සියලු නිලයන් සඳහා වු දිවා භෝජන සංග්‍රාහයක් සදහාද සහභාගි විය.