Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th September 2022 18:13:55 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති 611 පාබල බලසේනාව වෙත නිල සංචාරයක නිරත වෙයි

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2022 සැප්තැම්බර් 05 වන දින බෙරගල - කෑගල්ල හි පිහිටි 611 පාබල බලසේනා මූලස්ථානයේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු වෙත නිල සංචාරයක නිරත විය.

මෙහිදි 611 බලසේනාධපතිතුමන් විසින් ආඥාපතිතුමන් සමිප්‍රධායානුකුලව පිළිගත් අතර, ඉන් අනතුරුව, බලසේනාධිපතිතුමන් විසින් බළසේනාවට අයත් ඒකකයන්හි අණ දෙන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් තම බලප්‍රදේශයන්හි කාර්ය භාරය සහ වත්මන් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් ආඥාපතිතුමන් වෙත සිදු කරන ලදී.

අනතුරුව, භට පිරිස් අමතමින් බටහිර ආඥාපතිතුමා, සෙබළුන් අතර ඉහළ විනය පවත්වා ගැනීම, තම රාජකාරින් නිසි අයුරැ සිදුකිරීම, සමාජ මාධ්‍ය වගකීමෙන් යුතුව භාවිතා කරන්නේ කේසේද, වාහන අනතුරු වලක්වාගැනිම සහ කඳවුරුවල ආරක්ෂාව ආදි කරුණු පිළිබදව අවධාරණය කරන ලදී. එමෙන්ම යුද හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සෙබළුන්ගේ කැපවීම ආඥාපතිතුමන් විසින් ඇගයිමට ලක් කලේය.

තවද, ජාතියේ අනාගත ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා යුධ හමුදාව සතු කාර්යයන් ඉටු කිරිම, කුසලතා වර්ධනය කිරීම, සොල්දාදුවන්ගේ නිපුණතා වර්ධනය කිරීම සඳහා මාවත විවර කරමින් නිරන්තර පුහුණුව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ආඥාපතිවරයා අවධාරණය කළේය. ඉන් අනතුරුව, ආඥාපතිතුමන්ගේ පැමිණීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමටද කටයුතු කරන ලදී.

මෙම සංචාරයේදී ආඥාපතිතුමා විසින් කඳවුරු පරිශ්‍රයේ අවට, සෙබළුන්ගේ සුබසාධනය සහ ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. මේ අතර, ආඥාපතිතුමා විසින් නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, කඳවුර පවත්වාගෙන යන ආකාරය සහ ඉදිරියේදී යටිතල පහසුකම් පුළුල් කරන ආකාරය පිළිබඳව ද නිලධාරීන්හට උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදි ආඥාපතිතුමන් විසින් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපති සහ අණදෙන නිලධාරීන් සමඟ භටපිරිස් ස්ථානගත කිරිමට යෝජිත ස්ථාන කිහිපයක් ද නිරීක්ෂණයට ලක් කලහ.

මෙම සංචාරය සඳහා 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු, ආරෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන භකාස සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ආඥාපතිතුමන් සමඟ එක්විය.