Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th June 2022 18:22:13 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති 143 පාබල බල සේනාව වෙත නිල සංචාරයක් සිදුකරයි

ආරක්ෂක සේනා (බටහිර) 13 වන ආඥාපතිවන මේජර් ජෙනරල් ඩි එමි කේ ඩි බි පුස්සැල්ල ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා රාජකාරි වැඩ භාරගැනිමේන් පසු 2022.05.17 වන දින 143 පාබල බළසේනා මුලස්ථානය සහ එම බලසේනාවට අයත් බළඇණි වෙත නිල සංචාරයක් සිදුකලේය .

ප්‍රථමයෙන්ම මෙම සංචාරයේ ආඥාපතිතුමන් විසින් 143 පාබල බළසේනා මුලස්ථානය වෙත පැමිණි අතර, එහිදි ආඥාපතිතුමන් යුද්ධ හමුදා සම්ප්‍රධායන්ට අනුකුලව 143 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටි එමි එෆ් කිචිලාන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි. ඉන් අනතුරුව ආඥාපති තුමන් විසින් තම නිල සංචාරය සනිටුවන් කරමින් 143 පාබල බල සේනා මුලස්ථානය පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. පසුව 143 පාබල බලසේනාවේ බල සේනාධිපති තුමා විසින් තම ප්‍රදේශයේ වත්මන් තත්වය සහ රාජකාරි ස්වාභාවය පිළිබදව සහ තම රාජකාරින් සබැදිව ආඥාපති තුමන් දැනුවත් කලේය. ඉන් පසුව ආඥාපතිතුමන් සියලු නිලයන් අමතමින් සෙබල විනය, වත්මන් රාජකාරි ස්වාභාවය සහ රාජකාරි කල යුතු ආකාරය පිළිබදව දැනුවත් කල අතර, එහිදි එතුමන් භට පිරිස් වෙත මේ වන විට සිදුකරනු ලබන රාජකාරි සහ සිදු කල රාජකාරීන් වෙනුවෙන් කෘතඥභාවය පල කල සිටියේය. ආඥාපති තුමන් 143 පාබල බලසේනා මුලස්ථානය වෙතින් නික්ම යාමට ප්‍රථම 143 පාබල බල සේනාවේ බලසේනාධිපති තුමා විසින් සමරු පලකයක්ද ප්‍රධානය කළේය.

143 බල සේනා මුලස්ථානය නිරික්ෂණය කිරිමේන් අනතුරුව 143 පාබල බල සේනාව යටතේ පවතින තබ්බෝව ප්‍රදේශයේ පිහිටි 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව සහ වාරියපොළ ප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රි ලංකා ආරක්ෂක බළමුළුව වෙත පැමිණ ඇති අතර, එහිදි එම බළඇණියෙහි අණදෙන නිලධාරිවරුන් ආඥාපතිතුමන් යුධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිලිගන්නා ලදී. පසුව අණදෙන නිලධාරිවරුන් තම බළඇණිවල රාජකාරින් පිළිබදව ආඥාපතිතුමන් දැනුවත් කලහ.

මෙම නිල සංචාරයේදී ආඥාපති තුමා විසින් කදවුරු තුල පවතින අවි ගබඩා, උපකරණ ගබඩා, සලාක අංශ ආදි විශේෂ ස්ථාන පරික්ෂා කල අතර, සෙබලුන්ගේ සුභසාධන කටයුතු පිළිබදවද සොයාබැලුවේය. ඊට අමතරව එතුමන් කදවුරු තුල යටිතල පහසුකම් දිවුණු කිරිම සැබැදීව ඉදිරි උපදෙස් වගකිව යුතු නිලධාරින් වෙත ලබාදුන්නේය.

මෙම නිල සංචාරය සදහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති, කුරුණෑගල කොටිඨාශ මුල භාර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මෙම ආසේමු හා 14 පාබල සේනාංකයට අයත් මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගිවිය.