Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:25:09 Hours

ආරක්ෂක සේනා (බටහිර) අයත් භටපිරිස් වෙතින් සමාජ සත්කාරයක්

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 61 පාබල සේනාංකය යටතේ පිහිටි 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් සහ සීමාසහිත ලක්සිරි ටෙක්ස්ටයිල් පුද්ගලික සමාගම එක්ව හොරගොඩ නවෝද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන ආදදොල, හොරගොඩ, තෙලිජ්ජවිල පදිංචි අඩු ආදායම්ලාභී පවුලකට අයත් පාසල් දරුවන් දෙදෙනෙකු සඳහා 2023 මාර්තු 10 වන දින පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විය.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩි එම් කේ ඩි බි පුස්සැල්ල ආර්ඩබිලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී තුමන්ගේ සංවිධානය යටතේ පවත්වන ලදි.

මෙහිදි රුපියල් 25000 ක් පමණ වටිනාකමින් යුත් අභ්‍යාස පොත් සහ පැසැල් උපකරණ ලබාදිමට කටයුතු කර ඇත.