Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th October 2023 16:08:02 Hours

ආපදා සහන මෙහෙයුම් සඳහා 61 පාබල සේනාංකයේ භටපිරිස් දායකත්වය දක්වයි

පසුගිය දිනවල මාතරදිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තිහගොඩ සහ මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයන්හි සිවිල් වැසියන් ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, මේ සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සමඟ යුද හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශවල සහන සැලසීමට සහ සිවිල් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ කටයුතු තව දුරටත් සිදුකරමින් සිටී.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම මත සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්ෂනණය යටතේ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 2 (සෙව්) ගැමුණු හේවා බළකායෙහි භට පිරිස් මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇත.