Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:21:58 Hours

අරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනකට දායකත්වය ලබාදෙයි.

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141 වන පාබල බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් 2023 මාර්තු 03 වන දින කැලණිය නදී විහාරයේ දී මෝදර මාතෘ නිවාසයේ නිලධාරීන් සමඟ එක්ව මාතෘ හා ළමා සායනයක් පවත්වන ලදී.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 15 දෙනෙකු විසින් සායනය සඳහා විහාරස්ථාන පරිශ්‍රයේ සියලු කටයුතු මනාව සුදානම් කරන ලදී.

142 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 7 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන පුර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.