Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th December 2022 10:52:01 Hours

අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් ශූරතාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සහභාගි වෙයි

පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි 2022 දෙසැම්බර් මස 01 වන දින සිට දෙසැම්බර් 06 වන දින දක්වා අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් ශූරතාවලිය විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගිත්වයෙන් පවත් වන ලද අතර, මේ සදහා රෙජිමේන්තු 19 ක ක්‍රිඩකයින් තරග ඉසවි 22 ක් සදහා සහභාගිවිය.

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර, මෙහිදි පිරිමි ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින්ද ඒහි අනුශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තුව විසින් ද හිමිකරගත් අතර, කාන්තා ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩිකාවන් විසින් ද අනුශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙත හිමි විය.