Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th March 2025 15:09:45 Hours

CLEAN SRI LANKA වැඩසටහන යටතේ 61 පාබල සේනාංකයේ පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන

CLEAN SRI LANKA “වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත තෝරාගත් විද්‍යාලයක් වන අම්බලන්ගොඩ ගා/මාදම්පා මධ්‍යම විද්‍යාලයේ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 20 වන දින මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ඒ අනුව මෙම වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගී වු අතර එතුමන් විසින් සමාරම්භක දේශණය වශයෙන් පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් CLEAN SRI LANKA වැඩ සටහන පාසල් පද්ධතියට ඇතුළත් කිරීමේ අරමුණු පිළිබඳව අවධාරණය කර අතර, සනීපාරක්ෂාව, අපද්‍රව්‍ය කළමනාකරණය සහ සිසුන්ගේ හැසිරීම් සහ සදාචාරාත්මක ගුණාංග වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ක්‍රියාකාරකම් මාලාවක් හඳුන්වා දෙන බව එතුමන් සිය කතාවේදී තවදුරටත් අවධාරණය කළේය.

මෙම ජාතික පරිශ්‍රමයේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ පූර්ණ සහයෝගය, මඟ පෙන්වීම සහ සහාය ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන යටතේ, පාසල්වල අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන අතර, හානියට පත් මේස සහ පුටු සවි කිරීම, උපකරණ අලුත්වැඩියා කිරීම සහ විදුලි හා ජල සැපයුම් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් වේ. මීට අමතරව, පාසල් පරිශ්‍ර පිරිසිදු කර නඩත්තු කරන ලදී. මෙම වැඩසටහන මාර්තු මස අවසන් වන විට 61 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පාසල් 83 ක් ආවරණය කිරීමට නියමිතය.