Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th February 2025 11:40:03 Hours

CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ කල්පිටිය සංචාරක වෙරළ ප්‍රදේශය පිරිසිදු කෙරේ

ලස්සන දිවයින, සිනාසෙන ජනතාවගේ දැක්ම යටතේ පිරිසිදු රටක් යන සංකල්පයට අනුකූලව CLEAN SRI LANKA වැඩසටහනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දින සැමරුමට සමගාමීව කල්පිටිය පළාත් සභාවේ කන්දකුලිය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟ පෙන්වීම සහ 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ලදී. 143 වන පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඒ ටී පී විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ 7 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි 02 වන දින පැවති පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා භට පිරිස් 200 ක් සහභාගී වූහ.

තවද, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කල්පිටිය පළාත් සභාවේ සහ කල්පිටිය පළාත් ලේකම් කාර්යාලයේ රජයේ නිලධාරීන්, ආගමික නායකයින් සහ ප්‍රාදේශීය සිවිල් වැසියන්ගේද සහභාගීත්වයෙන් වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී.