Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 16:48:08 Hours

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පාසල් සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කෑගල්ල උඩමකඩවර කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 50 දෙනෙකු සඳහා විශේෂ නායකත්ව පුහුණු වැඩසටහනක් පාසල් අධිකාරියේ ඉල්ලීම පරිදි 2023 ජුලි 01 දින සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් අනුව 611 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන පවත්වා ඇති අතර . මෙහි අරමුණ වූයේ සිසුන්ගේ නායකත්ව ගුණාංග, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් ගොඩනැගීමේ හැකියාවන් මෙන්ම ඔවුන්ගේ පෞරුෂත්වය සහ සමාජ ආචාරශීලිත්වය වර්ධනය කිරීමයි.

නායකත්ව වැඩසටහන දේශන, ගෘහස්ථ හා එළිමහන් අභ්‍යාස සහ ආදර්ශන ඇතුළු විවිධ සැසිවලින් සමන්විත විය. මෙම සැසි සැලසුම් කර ඇත්තේ සිසුන්ට යථාර්ථවාදී පුහුණු අත්දැකීමක් ලබා දීම සඳහා වන අතර එමඟින් නායකත්ව කලාව පිළිබඳ වටිනා අවබෝධයක් සහ අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සැලසීම සදහා විය.

මෙම ප්‍රජා ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදෙන ලදී.

තවද, මෙම නායකත්ව පුහුණු වැඩසටහන උඩමකඩවර කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කර ගැනීමට සහ ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා ප්‍රයෝජනවත් වන වැදගත් ගුණාංග වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දුන්නේය.