Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th March 2026 09:08:32 Hours

78 වන නිදහස් දින සැමරුමට සමගාමීව වෛද්‍ය සායන පැවැත්විම

78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් විසින් නීලබෙම්ම ප්‍රාථමික විද්‍යාලයේදි දී වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වා ඇත. මෙම වැඩසටහන 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 143 වන පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන්ගේ මඟ පෙන්වීම යටතේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

වෛද්‍ය නලින්ද රොද්‍රිගෝ සහ තවත් වෛද්‍යවරුන් අට දෙනෙකු ඇතුළු සාමාජිකයින් 70 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් සහ සහයක කාර්ය මණ්ඩලයක්. සාලියවැව ප්‍රදේශයේ සිවිල් වැසියන් 450 කට ආසන්න සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබා දෙන ලදී.