Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th March 2026 09:21:32 Hours

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 9 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුළුවෙ සමාජ සත්කාරය

78 වන ජාතික නිදහස් දිනට සමගාමිව 57 වන පාබල සේනාංකය යටතේ ස්ථානගත 571 පාබල බලසේනාවට අයත් 9 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් අලකොලදෙනිය ග්‍රාම නිලධාරි වසමට අයත් පෝෂණ අවශ්‍යතා ඇති අයවලුන් සදහා 2026.02.03 දින වියලි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම මහගු සත්කාරය ඒකකයේ අණදෙන නිලධාරිගේ ප්‍රර්ණ මගපෙන්විම යටතේ අනෙකුත් සියලු නිලධාරින් සහ සෙසු නිලයින්ගේ පරිත්‍යාග දායකත්වයෙන් සිදුකරන ලද අතර, මෙය යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ ප්‍රධාන අරමුණින් ක්‍රියාත්මක කරන ලද්දකි.